PAPAYA FLAVORED BLACK TEA ඉන්න ගමන් හවසට බොන්න අමෘතපානී පැපොල් රසැති තේ

490.00

  • USD: $1.52

2% Off
Close
Price Summary
  • 500.00
  • 490.00
  • 2%
  • 490.00
  • Overall you save 10.00 (2%) on this product
In Stock
Highlights:

01 PACK INCLUDES 10 TEA BAG.

යන්ත්රානුසාරයෙන් විජලනය කරන ලද 💯 ස්වභාවික පැපොල් tea 

Compare
Item will be shipped in 1-3 business days
  Request For Clarification and BULK ORDER
SKU: 2190v-0008 Categories: , , , , ,
Description

පැපොල් කෑවට පැපොල් tea බීල තියනවද? 🤤
නෑ නේද? 😁
එහෙනම් කියවමු👇

🌱Carica papaya යන උද්භිත විද්යාත්මක නාමයෙන් හැඳින්වෙන පැපොල් වල නිජබිම වශයෙන් සැලකෙන්නේ මෙක්සිකෝව ඇතුළු මධ්යම ඇමෙරිකාවයි. වර්තමානය වන විට ලොව පුරාම, විශේෂයෙන් ඝර්ම කලාපීය දේශගුණය සහිත රට වල මේවා යහමින් පැතිරී තිබෙනවා.

🌱පැපොල් ග්රෑම් සියයක් තුල කැලරි 39 ක ශක්තියක් ගැබ්ව තිබෙනවා. එසේම ග්රෑම් 0.6 ක ප්රෝටීනත් ග්රෑම් 0.1 ක පමණ ලිපිඩත් මෙහි අන්තර්ගත වනවා. පැපොල් වල ශරීරයට හිතකර ඔමේගා 3 මේද අම්ල ද සැලකිය යුතු ප්රමාණයක් අන්තර්ගතයි.

🌱පැපොල් ග්රෑම් 100 ක කාබොහයිඩ්රේට ග්රෑම් 9.8 ක් අන්තර්ගත අතර ඉන් ග්රෑම් 1.8ක් ම තන්තු වෙනවා. මීට අමතරව සරල සීනි ග්රෑම් 5.9 ක් ද මේ කාබොහයිඩ්රේට ගොන්නට ඇතුලත් වෙනවා.

🌱ඉතින් ඔයාල අතට එන අමෘතපානී frutea පැපොල් tea බීවම ඔයාලට මෙන්න මේ දේවල් ලැබෙනවා

🌱කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම 💊
පැපොල් තන්තු, විටමින් සී හා ප්රතිඔක්සිකාරක වලින් අනූන නිසා රුධිර නාලිකා වල කොලෙස්ටරෝල් ගොඩ ගැසීම වලක්වනවා

🌱ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වීම👵
මධ්යම ප්රමාණයේ පැපොල් ගෙඩියක ගබඩා වී ඇත්තේ කැලරි 120 ක ශක්තියක් පමණයි. මේ නිසා ඔබ බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයෙක් නම් ඔබේ ආහාර වේලට පැපොල් tea එක් කර ගැනීමට අමතක කරන්න එපා

🌱ප්රතිශක්තිය වර්ධනය කිරීම🦠
එක් පැපොල් ගෙඩියක සාමාන්යයෙන් පුද්ගලයෙකුගේ දෛනික අවශ්යතාවය මෙන් දෙගුණයක විටමින් සී අන්තර්ගත වෙනවා. මේ නිසා පැපොල් tea බීමට ගැනීමෙන් ප්රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමට හොඳ ආධාරයක් සැපයෙනවා.

🌱දියවැඩියාවට අනඟියි💊
මෙහි අන්තර්ගත විටමින ඇතුළු පෝෂක දියවැඩියා රෝගීන්ට ඇති හෘදයාබාධ අවදානම අඩු කරනවා. එසේම පැපොල් tea බීමට ගැනීමෙන් දියවැඩියාව වැළඳීමද වලක්වාගත හැකියි.

🌱අක්ෂි සෞඛ්යට කදිමයි👁👁
පැපොල් විටමින් ඒ හා බීටා කැරොටින, සියාසැන්තීන්, ක්රිප්ටොසැන්තීන් හා ලුටෙලින් වැනි ෆ්ලේවනොයිඩ වලින් අනූනයි. මේවා ඇසෙහි ශ්ලේෂ්මල පටල සෞඛ්යමත්ව තබනවා

🌱ආතරයිටිස් වලින් ආරක්ෂාව🦵🦶
මෙහි විටමින් සී අඩංගු නිසා ආතරයිටීස් අවදානම පහත හෙළනවා. මීට අමතරව පැපොල් tea වල ප්රති ප්රදාහ ගුණත් තිබෙනවා

🌱ආහාර දිරවීමේ ක්රියාවලිය කාර්යක්ෂම කිරීම💩
පැපොල් tea වල අඩංගු පැපේන් එන්සයිමය හා තන්තු මේ සඳහා ඉවහල් වෙනවා.ඒ වගේම මළපහ පිටකිරීමේ ක්රියාවලියද පහසු කරවනවා.

🌱ඔසප් වේදනා අවම කරයි😌🩸
පැපොල් tea වල අඩංගු පැපේන් නම් එන්සයිමය මෙහිදී වේදනා නාශනය සඳහා දායක වෙනවා.

🌱පැපොල් තරුණ කම රැක දෙයි👩‍🦰
පැපොල්tea දිනපතා පානයට ගැනීම තුලින් නියම වයසට වඩා වසර 5 කින් පමණ තරුණ පෙනුමක් ලබා ගත හැකියි. පැපොල් tea වල අඩංගු විටමින් සී හා ඊ, එමෙන්ම බීටා කැරොටින් වැනි ප්රතිඔක්සිකාරක මුක්තඛණ්ඩක මඟින් සමට සිදු වන හානි අවම කරනවා. මෙහි ප්රතිඵලයක් ලෙස සමෙහි රැළි වැටීම අඩු වෙනවා.

🌱හිසකෙස් වැවීම උත්තේජනය කරයි👩🏼
පැපොල් tea දිනපතා පානයට ගැනීම හිසකෙස් වල සෞඛ්යයද ඉහල නංවනවා. පැපොල් වල අඩංගු විටමින් ඒ කිසකෙස් වල දීප්තිය, තෙතමනය හා සුසිනිඳු බව රැක දෙනවා. මීට අමතරව මෙහි අඩංගු පෝෂක නිසා හිසකෙස් වැටීම පාලනය කරන අතර හිසකෙස් වැවීමත් උත්තේජනය කරනවා

🌱පිළිකා ඇතිවීම වළකයි💊
පැපොල් tea ප්රතිඔක්සිකාරක වලින් අනූන පානයක්. මීට අමතරව එහි ෆ්ලේවනොයිඩද අඩංගු වෙනවා. මේවා මඟින් මුක්තඛණ්ඩක නිසා සෛල වලට සිදුවන හානිය දුරලනවා. මේ නිසා ප්රොස්ටේට් ග්රන්ථි පිළිකා, මහාන්ත්ර පිළිකා ඇතුළු තවත් පිළිකා ගණනාවක් වැළඳීමේ අවදානම අඩු වෙනවා.

🌱ආතතිය අඩු කරගන්නට පැපොල්😌
පැපොල් tea වල අඩංගු විටමින් සී මඟින් මානසික ආතතිය අවම කරනවා.
අද ඉදලම ඔයාලත් frutea පැපොල් tea බිලා වෙනස වටහා ගන්න

(අපගේ සියලු පළතුරු රසැති තේ නිපදවීම සදහා යොදාගනු ලබන්නේ යන්ත්රානුසාරයෙන් විජලනය කරන ලද 💯 ස්වභාවික පළතුරුය🍎🍉🍌🥭🍋)

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “PAPAYA FLAVORED BLACK TEA ඉන්න ගමන් හවසට බොන්න අමෘතපානී පැපොල් රසැති තේ”

Your email address will not be published.

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping