Featured

GINGER CORIANDER DRINK අමෘතපානී ඉගුරු-කොත්තමල්ලි පානය

475.00

  • USD: $1.47

5% Off
Close
Price Summary
  • 500.00
  • 475.00
  • 5%
  • 475.00
  • Overall you save 25.00 (5%) on this product
In Stock
Highlights:

01 PACK INCLUDES 10 TEA BAG.

බොමු අපි කොත්තමල්ලි…☕️😋
මොකටද විස්කි බ්රැන්ඩි 🍻😜

පරම්පරා ගණනක්ම අපේ ජාතික පානය වී තිබුණ ද බටහිර ආක්රමණයත් සමඟ කොත්තමල්ලි පානයට තිබූ තැන පැණි බීම වැනි අහිතකර පානවලට හිමිවන්නට ගත්තේය. එහෙත් යළි පැණි බීම විසිකර කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීමට කාලය එළඹ තිබේ. දැන් බටහිර පර්යේෂකයන් පවා අපේ කොත්තමල්ලි පානයේ අගය වටහා ගෙන ඇත.

Compare
Item will be shipped in 1-3 business days
  Request For Clarification and BULK ORDER
SKU: 2190v-0006 Categories: , , , , ,
Description

බොමු අපි කොත්තමල්ලි…☕️😋
මොකටද විස්කි බ්රැන්ඩි 🍻😜

පරම්පරා ගණනක්ම අපේ ජාතික පානය වී තිබුණ ද බටහිර ආක්රමණයත් සමඟ කොත්තමල්ලි පානයට තිබූ තැන පැණි බීම වැනි අහිතකර පානවලට හිමිවන්නට ගත්තේය. එහෙත් යළි පැණි බීම විසිකර කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීමට කාලය එළඹ තිබේ. දැන් බටහිර පර්යේෂකයන් පවා අපේ කොත්තමල්ලි පානයේ අගය වටහා ගෙන ඇත.

කොත්මල්ලි සතු ඖෂධීය ගුණ

🌱ආහාර ජීරණ පද්ධතිය නිසි පරිදි ක්රියා කරවා ආහාර දිරවීම පහසු කරයි.

🌱උෂ්ණ කාලයට සිරුර සිසිල් කරයි.

🌱ඊයම් ආසනික් රසදිය වැනි සිරුරට අහිතකර බැර ලෝහ වර්ග සිරුරින් ඉවත් කරයි.

🌱ආහාර රුචිය වැඩිකරයි.

🌱සෙම්ප්රතිශ්යාව,උණ,ඇගපත වේදනාව, අම්ල පිත්ත රෝග, බඩේ අජිර්ණය , උණ අතිසාරය, සමේ ඇතිවන කුෂ්ඨ සදහා සුවය සලසයි.

🌱පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරවයි.

🌱කාන්තාවන්ගේ මාස්ශුද්ධියේදි සිදුවෙන අධික රැධිර වහනය පාලනය කරයි.

🌱විෂ බීජ නාශක ගුණ සහිතයි.

🌱ආතරයිටීස් රෝගයේ පීඩාකාරී බවට සහනයක් ලබාදීමට උපකාරි වෙයි.

🌱අක්මාවේ පිත නිෂ්පාදනයට උපකාරි වෙයි.

🌱සමේ ඇතිවන කුරුලැ කැළැල් නැති කරයි.

🌱මානසික ආතතිය දුරුකරයි

🌱සම පැහැපත් කිරිමේ හැකියාව සහිතයි.

🌱බඩ පුරවා දැමිම වළක්වයි.

🌱හෘද රෝග සමනය කරයි.

🌱දියවැඩියාව පාලනය කරයි.

🌱කොලෙස්ටරෝල් පාලනය කරයි.

🌱මුත්රා ආසාදන සදහා සුදුසුයි.

🌱මුඛයෙන් හමන දුගද නැති කරයි.

🌱ශරිරයට අවශ්ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුයි.

ඒ වගේම තමයි කොත්මල්ලි සමග ඉගුරු මිශ්ර කර පානය කිරීමෙන් එහි ප්රතිඵල වඩාත් තීව්ර කර ගන්න පුලුවන්.අපි බලමු අපේ ශරීරය සුවෙන් තබන්න ඉගුරු සතු ඖෂධීය ගුණ මොනවාද කියල.

🌱ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන් ම, රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්රව්යයකි. ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාරවල රසවත්භාවය වැඩි කරවීම මෙන් ම, ඛේටය හා අනෙකුත් ජීරණ යුෂ නිපදවීම ද , කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්රයෝජන අත්කර දේ.එමෙන් ම, මෙහි විටමින් සී, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ. මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්රව්යයක් වන ඉඟුරුවල බොහෝ ගුණ ඇත.

🌱ඉඟුරුවලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරයි. ජීර්ණයට ද බලපෑම් කර, ආමාෂය සුවපත් කරවයි.

🌱ඉඟුරුවල ඇති සංයෝග මඟින් ආහාරවල ඇති පෝෂ්ය පදාර්ථ හා ඛණිජ වර්ග අවශෝෂණය කර ගැනීම පහසු කරවයි.

🌱ඉඟුරුවල ප්රතිඔක්සිකාරක බොහෝ සෙයින් අන්තර්ගත වේ. පිළිකා නාශකයකි.

🌱අධ්යයනවලින් හෙළි වී ඇති පරිදි, ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන් ම වෙනත් රෝග තත්ත්වවලදී ඇතිවන වමනය සමනය කරවයි.

🌱අස්ථිවල නිරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් ද ඉඟුරු සතු ය. සෑම උදෑසනකම ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීමෙන්, අස්ථිවල නීරෝගීභාවයට මනා රුකුලක් වේ.

🌱ආදි කාලයේ සිටම පාචනය සඳහා ඔසුවක් ලෙස මෙය භාවිත කර ඇත. එමෙන් ම, ඉඟුරු මඟින් ආමාශය ආශ්රිත බොහෝ අපහසුතා මඟහරවයි.
උණ, සෙම්ප්රතිශ්යාව වැනි රෝග තත්ත්ව සුව කරයි.

ඉතින් මේ ආකාරයට කොත්තමල්ලි වල යහ ගුණ වැඩි කරන්න ඉගුරු එකතු කරලා තමයි අපි අමෘතපානී ඉගුරු-කොත්තමල්ලි පානය සකස් කරල තියෙන්නෙ .පිරිසිදුව තෝරාගත් ඉගුරු,කොත්තමල්ලි කබලේ බැදලා කුඩු කරලා තමයි මේ පානය සකස් කරලා තියෙන්නෙ.100% ස්වභාවික අමුද්රව්ය යොදාගෙන ඇති නිසාත් කල්තබාගානීමේ කිසිදු ද්රව්යක් අඩංගු නොවන නිසාත් සිරුරට අවශ්ය ස්වභාවික ශාකසාර එලෙසින් ම ලබාදීමට අමෘතපානී ඉගුරු-කොත්තමල්ලි පානයට පුලුවන්.ඒ වගේම මේ ඉඟුරු කොත්තමල්ලි පානය සතියකට දවස් දෙක තුනක් විතර බොන්න පුළුවන් නම් ඔයාලාට උණ හෙම්බිරිස්සාව වගේ රෝග වලිනුත් බේරිලා ඉන්න පුළුවන්.

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “GINGER CORIANDER DRINK අමෘතපානී ඉගුරු-කොත්තමල්ලි පානය”

Your email address will not be published.

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping